2026 මැයි 10, පෙ.ව. 12:20
මිනිසුන් තුළ ධෛර්යය වඩන සහ අභියෝගවලට මුහුණ දිය හැකි ගීත කලාවක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.
එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ වර්තමානයේ ඇතැම් ගීත නිර්මාණ මගින් මිනිසුන් අධෛර්යමත් කරවන බවයි.
විශේෂයෙන්ම යම් අභියෝගයකට මුහුණ දීමට ශක්තිය දෙන ගීත වෙනුවට, තමන්ගේ වටිනාම වස්තුව වන ජීවිතය පවා අත්හැර පලා යන තරමට මිනිසුන්ව පරාජිත මානසිකත්වයකට ඇද දමන ගීත නිර්මාණය වන බවට ඔහු චෝදනා කරයි.
මෙවැනි ගීත රචනා කරන රචකයන් සහ ඒවා ගායනා කරන ගායකයන් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, එවැනි නිර්මාණකරුවන් සමාජයෙන් ඈත් කළ යුතු බවද ප්‍රකාශ කළේය.
මෙලෙස පරාජිත මනෝභාවයන් සමාජගත කිරීම දැවැන්ත අපරාධයක් ලෙස තමන් දකින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ගීත කලාව යනු මිනිසුන්ට ජීවිතය දිනීමට අභිප්‍රේරණය සපයන මාධ්‍යයක් විය යුතු බවත්, එවැනි ධෛර්යය වඩන නිර්මාණ බිහිවීමේ වැදගත්කමත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමිනි.
2026 මැයි 10, පෙ.ව. 12:32
2026 මැයි 10, පෙ.ව. 12:19
2026 මැයි 10, පෙ.ව. 12:17
2026 මැයි 10, පෙ.ව. 12:12
2026 මැයි 10, පෙ.ව. 12:11
10-05-26
10-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26