2026 මැයි 14, පෙ.ව. 12:13
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව “ගොවිජන සභාව” නමින් වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම මෙහි තේමාව වන්නේ ‘ගොවිජන බලය සමඟ පෙරට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස යන්නයි’. ගොවි සභාව, ගම, ගොවිජනතාව අසලටම ගොස් අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට මැදිහත් වීම මෙහි ප්‍රධාන අරමුණයි. වත්මන් ආණ්ඩුව බලය ලබාගෙන වසර එකහමාරකි. මේ කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලික කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් මූලික අදියර යටතේ ගොවිජන සභා දහසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔබේ ප්‍රදේශයටත් ගොවිජන සභාව අවශ්‍ය නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කොට මෙම අවස්තාව ලබා ගැනීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙහි ආරම්භයක් වශයෙන් මිනිපේ වම් ඉවුර ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවට මෙන්ම මොරගහකන්ද ඒකාබද්ද ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවට කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී විය. මෙහිදී ගොවි ගැටළු සඳහා විසඳුම් ලබාදීම සහ අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම සිදුවිය.
මෙම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.
“ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට ඇවිල්ලා දැනට අවුරුදු එකහමාරයි. ගමට ගෙනල්ලා දීලා තියෙනවා අලුත් ආයතන. ගමට බලයක් දීලා තියෙනවා ගම ගැන තීරණ අරගන්න. ඒ ගනු ලබන තීරණවලට රජය උදව් කරනවා. ප්‍රජා ශක්ති කමිටුව ඔබට නීත්‍යනුකූලව ව්‍යවස්ථානුකූලව ලබා දීලා තියෙන ආයතනයක්.
රටපුරාම ක්‍රියාත්මක වෙනවා ප්‍රජා ශක්ති කියලා වැඩසටහනක්. යම් ග්‍රාම සේවා වසමක ඉන්න ජනතාව බලගන්වන ශක්තිමත් කරන ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන්, දේශපාලනමය වශයෙන්, සංස්කෘතික වශයෙන් ඉන්න තැනින් ඉහළට ගන්න එක තමයි ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ. ඒක ගමේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජා ශක්ති කමිටුවෙන්. ගමට දෙනවා බලයක්, ගම පිළිබඳ තීරණ ගන්න. යෝජනා සම්මත කරලා වැඩසටහන් හදාගන්න. ඒක හදාගත්තට පස්සේ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන වෙන්වෙන්න ඕනේ ඒ ග්‍රාම සේවා වසමේ කමිටුව ගත්ත තීරණ ක්‍රියාත්මක කරගන්න. එහෙම නැතුව ප්‍රාදේශීය සභාවට ඕන වෙන වෙන දේවල් කරන්න නෙවෙයි. මහ ආණ්ඩුවේ ප්‍රතිපාදනයක් එනවා නම් ඒ එන්නත් ඕනේ කමිටුව ගම වෙනුවෙන් ගත්ත තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න.
ගොවිජනතාවගේ පීඩාව අඩු කරමින්, ආර්ථික පැත්ත ඉහළට ගනිමින්, අපේ අස්වැන්න ඉහළ නංවන්න අපි කටයුතු කළ යුතුයි. මාස් කන්නය ඉවරවෙලා අපි බලන්නේ පුළුවන් තරම් ඉක්මනින් යල කන්නය ආරම්භ කරන්න. මොකද තුන්වෙනි කන්නයකට ඉඩක් හදාගන්න.
යල් කන්නයට ඉතුරු පොහොර දෙන්නේ පරණ මිලටමයි ගොවියට ඒගොල්ලෝ වැඩි මිලට ගෙනාවට. ඒගොල්ලන්ගෙන් අපි අරගෙන ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අරගෙන කලින් මිලටම දෙනවා. එතකොට රජයට සිද්ද වෙනවා අතින් අර ආයතනවලට ඒ අමතර ගාණ ගෙවන්න. ගොවියාට ඒකේ බර දෙන්නේ නැහැ. රජයේ භාණ්ඩාගාරය ඒ මිල ගෙවනවා, සමාගම්වලට. එතනදි ගොවියාගේ පැත්ත බේරලා තියෙන්නේ.”
මාධ්‍ය ඒකකය
2026 මැයි 14, පෙ.ව. 12:26
2026 මැයි 14, පෙ.ව. 12:23
2026 මැයි 14, පෙ.ව. 12:19
2026 මැයි 14, පෙ.ව. 12:18
2026 මැයි 14, පෙ.ව. 12:14
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26