hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:07



සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන හානි සළකා ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට එය නිර්දේශ කර ඇත.

මෙය නිර්දේශ කර ඇත්තේ, පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ය.

ඒ අනුව මෙහිදී සාකච්ඡා වූ කරුණක් වන්නේ ලන්ච්ෂීට් තුළ පවතින තැලේට් නමැති පිළිකා කාරකය මිනිස් ජිවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳවයි.

ඒ අනුව, මාස 6ක සහන කාලයක් ලබා දී ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙස පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කර තිබෙනවා.

මේ අතර, මෙහිදී ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබාදිය යුතු බවට ද කාරක සභාව යෝජනා කර ඇත.

ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිතා කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික් ‍බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබාදිය යුතු බව කාරක සභා සභාපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: