2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:06
ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවාවට බලපෑම් නොකරන 200 වගකීමෙන් ප්‍රකාශ කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
මෙරට රාජ්‍ය සේවකයාට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජ්‍ය සේවාව ගැන පොදු ජනතාව තෘප්තිමත් නැහැ. රාජ්‍ය සේවාවේ සියයට 80ක් පිරිසක් මාලිමා ආණ්ඩුව පත් කර ගැනීමට කටයුතු කළා. රට ගොඩනැඟීමට ඔවුන් දායක වුණා. ජනතාව සතුවට පත් වන ආකාරයේ රාජ්‍ය සේවාවක් ස්ථාපිත කළ යුතුයි.
උපහාර දැක්වීම යනාදිය බලහත්කාරයෙන් නොකළ යුතුයි. රාජ්‍ය සේවාව පැත්තෙන් ගත් විට ඇතැම් විට ව්‍යවස්ථාමය ගැටලු තිබෙනවා. ජාතික වැටුප් ව්‍යුහයක් සකසා වැටුප් විෂමතා වන්ට ගැටලු සොයන්න අපි කටයුතු කරනවා.
උසස් වීම්, ස්ථාන මාරු ගැටලු තිබෙනවා. වැඩ කරන ජනතාව නොයෙක් ගැටලුවලට දෙනවා. ලක්ෂයක් පමණ ගුරුවරුන්ට මොඩියුලර් කියන සංකල්පය නිසා උසස් වීම් ලබන්නට නොහැකිව තිබේනවා. ඒ නිසා ඒවා කඩිනමින් නිරාකරණය කළ යුතුයි.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක් කළා. ඒ මොහොතේ එය නොවිය යුතු දෙයක්. තුන්වැනි අමාත්‍ය මණ්ඩලය තමයි අපි රියේ රැස් වුණේ. භාරකාර ආණ්ඩුවක් යටතේ තමයි ඔවුන් මීට පෙර සාකච්ජා කර තිබුණේ. සැලසුම්සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මෙසේ හැසිරුණේ කියන ගැටලුව අපට තිඛෙනවා.’
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:07
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
05-01-25
05-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25