hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02



දින දෙකක් ඇතුළත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 2/3කින් අඩු කර ඇතැයි පොදුජන පෙරමුණේ නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

යුද්ධය අවසන් කළ නායකයා ලෙස අසීමිත ජීවිත තර්ජන ඇති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක වාහන මෙයට පෙර ඉවත් කළ බවත් අනතුරුව ආරක්ෂක නිලධාරීන් ද ඉවත් කර ඇති බවයි.

ඔහු අවධාරණය කළේ නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස ගත් මෙම තීන්දුව නිසා හිටපු ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: