hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 23, පෙ.ව. 12:12



ඖෂධ ශාලා හිමියන් තමන්ගේ ලාභය පමණක් මූලික අරමුණ කරගෙන කිසිදු වගකීමකින් තොරව ඖෂධ වර්ග නිකුත් කරන බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම් රවී කලංසූරිය සදහන් කරයි.

එනිසා දිවයින පුරා පාසල් දරුවන් අතර අධිමාත්‍රා සහිත ඖෂධ ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් මෙය ඉතාම බරපතළ තත්ත්වයක් බවද සංගමයේ ලේකම් රවී කලංසූරිය සදහන් කරයි.

පාසල් දරුවන්ට මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඖෂධ නිකුත් කිරීමේදී ඖෂධ ශාලා හිමියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ලේකම් රවි කලංසූරිය සදහන් කරයි.

ව්‍යාජ බෙහෙත් තුණ්ඩු ඉදිරිපත් කරමින් ඇතැමුන් ඖෂධ මිලදී ගැනීම සඳහා පැමිණෙන බවත් ඖෂධ ශාලා හිමියන් මේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් බවද සදහන් කරයි.

එම සංගමයේ ලේකම් රවී කලංසූරිය තවදුරටත් සදහන් කළේ,

” වෛද්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් පමණ ව්‍යාජ බෙහෙත් තුණ්ඩු නිකුත් කරලා තියෙනවා. ඇතැම් ඖෂධ ශාලා හිමියන් ද ලාභය මූලික අරමුණ කරගෙන කිසිදු වගකීමකින් තොරව ඖෂධ නිකුත් කරනවා.

පාසල් දරුවන් අතර අධිමාත්‍රා සහිත ඖෂධ පැතිරයෑමේ තත්ත්වයක් දක්නට තියෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. යුක්තිය මෙහෙයුමත් සමග ඇති වී තිබෙන මත්ද්‍රව්‍ය හිඟය නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිමාත්‍රා සහිත ඖෂධ පානය කිරීම සඳහා යොමුවෙලා තියෙනවා.

මේ පිළිබඳ පොලිසිය ඖෂධ පරීක්ෂකවරු දැනුවත් කිරීමට අප කටයුතු කරලා තියෙනවා. මේ නිසා උපාය දූතයන් යොදලා කිසිදු වගකීමකින් තොරව ඖෂධ නිකුත් කරනු ලබන ඖෂධ ශාලා හිමියන් වැටලීමට ද හැකියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: