hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 මාර්තු 23, පෙ.ව. 12:08



“ටීනියා” නම් චර්ම රෝගී තත්වය වසංගතයක ස්වරූපයෙන් ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරනා බව චර්ම රෝග විශේෂඥ වරුන් අනතුරු අගවයි.

මෙම රෝගී තත්වය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යන බවත් වැඩි වශයෙන් දහඩිය රැදෙනා ස්ථාන වල සහ හිස ආශ්‍රිතව හට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද පවසයි.

මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට, විශේෂඥ වෛද්‍ය ඉන්දිකා කරවිට ඇතුලු වෛද්‍යවරුන් රැසක් මාද්‍ය වෙත  අදහස් දක්වමින් වැඩිදුරටත් ජනතාව වෙත උපදෙස් ලබාදුනි.

එම කණ්ඩායම කියා සිටියේ, මෙම රෝගී තත්වය  රව්ම් හැඩයක් සහිත දදයක් ආකාරයෙන් හටගන්නා බවත්, නිතර කැසීම මූලික රෝග ලක්ෂණයක් වන බවත්ය.

 මෙය ස්පර්ශය මගින් බෝ වීමේ මූලික ලක්ෂණයක් පවතින අතර පොදු වැසිකිළි භාවිතය වැනි කටයුතු වලදී ආසාදනය වීමේ හැකියාවක් ඇති බවද පැවසුවා.

එමෙන්ම, මේ දිනවල පැවතෙන “ටීනියා” ප්‍රභේදය මීට වසර 10කට පෙර පැවති ප්‍රභේදයට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් අණතුරු ඇගවීය.

නිවසේ එක් අයෙකු හට එවැනි රෝගී තත්වයක් හදුනා ගතහොත් එම ඇදුම් පැලදුම් ආදිය වෙන් කොට සෝදන ලෙසත්,හැකිනම් රෙදි සේදීමට උණු ජලය යොදාගන්නා ලෙසත් පැවසීය, උෂ්ණත්වය මගින් මෙම දිලීරය විනාශ කල  හැකි බවද ප්‍රකාශ කළා.

මෙහි වඩා භායනක තත්වය ලෙස ඔවුන් පෙන්වා දුන්නේ මෙම රෝගී තත්වය සදහා සුදුසු ඖෂධ ප්‍රභේද 10කටත් අඩු ප්‍රමාණයක් මෙරට පවතින බවත් එම ඖෂධ වලින් රැසකටම මෙම දිලීරය ප්‍රතිරෝධී බවක් දක්වන බවත්ය, එමෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොර කිසිදු ඖෂධයක් මේ රෝගය සදහා භාවිතා නොකරන බවද වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: