hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 07, පෙ.ව. 12:31



ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වෙනම සූත්‍රයක් මේ සඳහා සකස් කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම අඛණ්ඩ සහ ගුණාත්මක ඖෂධ සැපයීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: