hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 04, ප.ව. 8:07



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මිනී පෙට්ටියකුත් රැගෙන බලහත්කාරයෙන් බොරැල්ල කනත්තට ඇතුල් වී තිබෙනවා.

එහිදී කනත්තේ ආරක්ෂක අංශ විරෝධය නොතකමින් බලහත්කාරයෙන්ම මිනීපෙට්ටියද සමඟ කනත්ත ඇතුලු වූ බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා,

“නිදහස භුක්ති විඳින්නේ ආණ්ඩුව වේවා විපක්ෂය වේවා දේශපාලඥයෝ විතරයි මැති ඇමතිවරු දේශපාලඥයින්ට නිදහස තියෙනවා. නිදහස නැත්තේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයට සහ ධීවර ජනතාවට නැති බැරි මිනිස්සුන්ට නිදහසක් නෑ.. මේ පෙට්ටියක් කරගහගෙන ඇවිල්ලා අද නිදහස අපි ආදාහනය කරනවා නිදහස ලබා ගන්න නම් මේ ඉන්න රොත්තම ඉවත් කරන්න ඕනේ” යැයි ප්‍රකාශ කළා.

මෙ‌හිදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා, මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙසේ මිනී පෙට්ටියද ඔසවාගෙන කනත්ත තුළට පැමිණ ඇති අතර එහිදී අවමංගල්‍යය සභාවක ආකාරයෙන් කටයුතු කරමින් කතා පවත්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: