hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 24, ප.ව. 1:28



උරුමයක උල්පත පදනම ත්‍රෙනිකායික නාහිමිපාණන් වහන්සේලා නියෝජනය කරන උපදේශක සභාවක් පත් කොට තිබෙනවා.

ජාතික අනන්‍යතාව, ආගමික සහ සංස්කෘතික කටයුතු සම්බන්ධ ක්‍රියාකාරී විද්වත් මණ්ඩපයක් වශයෙන් කටයුතු කරන මෙම පදනම සමාජ විනය ඇතිකරන හා විවිධත්වය ශක්තියක් බවට පත් කරන වැඩසටහන් ලාභ අපේක්ෂාවකින් තොරව ක්‍රියාත්මක කරමින් සිටී.

උපදේශක සභාව පසුගිය දා සිය පළමු සාකච්ඡා සභාවාරය පෑලියගොඩ දී සංවිධානය කර තිබුණ අතර අති පුජ්‍ය, ආචාර්ය නියංගොඩ විජිතසිරි, සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක, අති පුජ්‍ය වෙඩරුවේ උපාලි, අස්ගිරිය මහාවිහාර පාර්ශවයේ අනුනායක, අති පුජ්‍ය ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ චූලගන්ඨි පාර්ශවයේ මහානායක, අති පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක, අති පුජ්‍ය මහාචාර්ය, කුඹුරුගමුවේ වජිර, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, අති පුජ්‍ය මහාචාර්ය, කෝන්ගස්තැන්නේ ආනන්ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සබරගමුව පලාතේ ප්‍රධාන සංඝ නායක, අති පුජ්‍ය තන්ජන්තැන්නේ ධමිමරංසි, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ, යන ස්වාමීන්වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේලා ගේ අදහස් අනුව දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථීක සහ සමාජ ගැටළු සම්බන්ධව මධ්‍යස්ථව කරුණු සලකා බලන සැලැස්මක් ඇති කිරීමේ වැදගත්කම උරුමයක උල්පත පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මෙහි දී අවධාරණය කළ අතර ආගමික වශයෙන් මතු වී ඇති නොයෙක් අනවශ්‍ය මතවාද සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.

ආර්ථීක ප්‍රතිසංස්කරණ විද්‍යා හා තාක්ෂණ, සංචාරක සහ පසුව අධිකරණ යන අමාත්‍ය ධුර හොබවන කාලයේ දී සංඝ උපදේශක සභාව පත් කර කටයුතු කරන ලද මිලින්ද මොරගොඩ මහතා අනතුරුව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ඉනික්බිතිව ඉන්දියානු මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී ද, සංඝ උපදේශක සභාව පත් කොට කටයුතු කර තිබුණි.

මෙම කාලය තුළ විහාරස්ථාන දුරකතන නාමාවලි, බෞද්ධ ග්‍රන්ථ පළ කරන ලද අතර සිද්ධස්ථාන සහ බොදුනු සංචාරකයන් සඳහා පහසුකම් සපයන වැඩසටහන් ද උරුමයක උල්පත පදනම මගින් ක්‍රියාත්මක කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: