hit counter

2024 නොවැම්‍බර් මස 07 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10



2024 මුල් මාස 06 තුළ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා වේතන සඳහා රජය විසින් දරා ඇති වියදම 4.4%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් අනාවරණය කර සිටී.

2023 පළමු භාගයේ දී රු. බිලියන 460 ක් ලෙසින් වාර්තා වූ එම අගය 2024 පළමු භාගය තුළ දී රු. බිලියන 480.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2024 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර 2024 පළමු භාගයේ දී විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 188.1 ක වියදමක් රජය විසින් දරා ඇති බවත් එය 2023 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 169.8 ක විශ්‍රාම වැටුප් වියදම හා සැසඳීමේ දී 10.8% ක ඉහළ යාමක් බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: