2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:04
ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.
“ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතින බවයි පැවසෙන්නේ.ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා.
ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා.
ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා. අපි දැනුවත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.”
වගාබිම් සකස්කිරිමේදී පවතින චක්‍රලේඛ ගැන නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.
2025 ජනවාරි 20, ප.ව. 6:44
2025 ජනවාරි 20, ප.ව. 6:38
2025 ජනවාරි 20, ප.ව. 6:07
2025 ජනවාරි 20, ප.ව. 12:15
2025 ජනවාරි 20, පෙ.ව. 9:25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25