hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 25, ප.ව. 5:27



වැටුප් සඳහා මිල සූත්‍රයක් ඇති කළ යුතු බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාර පවසනවා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි කමිටු සාමාජිකා දිල්කා සුරංගනී මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

ආර්ථිකය කඩා වැටීමත් සමඟ නිර්මාණය වී ඇති සමාජ ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජීවත්විය හැකි මට්ටමේ වැටුපක් ලබා දෙන ලෙසයි ඇය රජයෙන් ඉල්ලා සිටියේ.

වැටුප් ලබා ගැනීම සඳහා අරගල කළ යුතු බව ද දිල්කා සුරංගනී මහත්මිය ප්‍රකාශ කළා.

භාණ්ඩවල මිල ඉහළ යාමට සාපේක්ෂව මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බවයි, ඇය අවධාරණය කළේ.

කෙසේ වෙතත් ඉන්ධන, විදුලිය, ජලය වැනි දෑ සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද වැටුප් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික බවයි, වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සීල පෙරේරා මහතා කියා සිටියේ.

පසුගිය කොවිඩ් සමයේ බොහෝ පෞද්ගලික ආයතන එතෙක් සේවකයන්ට ගෙවූ වැටුපෙන් අඩක් කපා හැරියා.

එහෙත් මේ වන තෙක් එලෙස කපාහරින ලද වැටුප හෝ ගෙවන්නට බොහෝ ආයතන පියවර ගෙන නැහැ.

බොහෝ කර්මාන්ත මේ වන විට වැසී ගොස් ඇති අතර නිදහස් වෙළෙඳ කලාපයේ ඇතැම් කම්හල් ඇණවුම් නොමැතිවීම මත සේවකයන් නිවෙස්වල තබා පඩියෙන් අඩක් ගෙවමින් සිටින බවයි වාර්තා වන්නේ.

එලෙස සේවකයන් නිවෙස්වල තබා වැටුප් ගෙවන කර්මාන්ත ශාලා 100කට ආසන්න ප්‍රමාණයක් පවතින බවට අනාවරණ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: