hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:02



විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජය කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල නගරය ආසන්නයේ ඉදිකෙරෙන විශ්‍රාමික සුභසාධන කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම කාර්යාල ගොඩනැගිල්ල එම සංගමය විසින් සපයා ගත් අරමුදලින් ඉදිකිරීමට නියමිතයි.

එමෙන්ම, අමාත්‍යවරයා ද තම පෞද්ගලික මුදලින් සැලකිය යුතු අරමුදලක් මේ සඳහා සපයා ඇත.

එමෙන්ම විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් වන බවත්, ඔවුන්ගේ සුභසාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත්තේ විශ්‍රාමිකයින්ගේ ඇති වැදගත්කම සලකා මෙවර අයවැයෙන් වැඩිකළ රු.2500.00 ලබන ජනවාරියේ සිටම ගෙවීමට පියවර ගන්නා ලෙසයි.

දීර්ඝ කාලයක සිට පවතින විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විශ්‍රාම වැටුප් විෂමතාවය රජය හඳුනාගෙන ඒ සඳහා පිළිතුරක් සෙවිය යුතුයි යන්න රජයේ ස්ථාවරය බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: