hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:04



සංශෝධනය කර ඇති එකතු කළ අගය මත බදු පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධනය කර ඇති එකතු කළ අගය මත බදු පනත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබුණු අතර 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා ඔක්තෝබර් මස (30) වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

එළඹෙන 2024 වර්ෂයේ ජනවාරි (01) සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව වර්ෂයකට බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 ක් දක්වා අඩුකිරීමට විවිධාන පනවා ඇති අතර එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15% සිට සියයට 18%ක් දක්වා වැඩිකිරීමට තීරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: