hit counter

2026 ජූනි මස 14 වන ඉරිදා

2026 ජූනි 15, පෙ.ව. 12:05



2026 මැයි මාසය සඳහා වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

මැයි මාසය සඳහා වැඩිහිටි දීමනාව අද සිට තැපැල් කාර්යාල හරහා ලබා ගත හැකි බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දී ඇත.

වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා මෙසේ පැවසීය.

වැඩිහිටියන් වහාම සුභසාධන ප්‍රතිලාභ කවුන්සිලයේ දත්ත ගබඩාවට ඇතුළත් කර ‘අස්වැසුම’ ගිණුම් හරහා ගෙවීම් ලබා දීමට පියවර ගෙන ඇති බවට ද ඔහු සිය අදහස පළ කළේය.

වැඩිහිටි දීමනා ක්‍රම දෙකකින් ලබා දෙන බව ඔහු සඳහන් කළේය. සුභසාධන ප්‍රතිලාභ කවුන්සිලයෙන් අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල වැඩිහිටි පුද්ගලයින්ට ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවනු ලැබේ.

පසුගිය මාසයේ 29 වන දින ගෙවීම් සිදු කළ බව ඔහු පැවසීය.

අස්වැසුම ගිණුම් නොමැති හෝ ගිණුම් ගැටළු හේතුවෙන් ගෙවීම් අත්හිටුවා ඇති අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට තැපැල් කාර්යාල හරහා ගෙවීම් ලබා දෙන බව අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: