2024 මැයි 21, පෙ.ව. 12:04
වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකඡාවකදී අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.
එතෙක් රුපියල් 15,000 දීමනාව ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.
ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි සතියේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට පියවර ගන්නා බවයි.
2026 ජනවාරි 19, පෙ.ව. 11:51
2026 ජනවාරි 19, පෙ.ව. 10:31
2026 ජනවාරි 19, පෙ.ව. 8:56
2026 ජනවාරි 19, පෙ.ව. 8:39
2026 ජනවාරි 19, පෙ.ව. 8:36
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26