hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 23, පෙ.ව. 12:06



අස්වැසුම ප්‍රතිලාභ ලබන පිරිස්වලට එම සහනාධාරය එළඹෙන 2026 වසරේ ජූනි (30) වැනිදා දක්වා ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ පරිදි අස්වැසුම ප්‍රතිලාභ හිමි පිරිසකට එම ප්‍රතිලාභය ලබාදෙන කාලය ජුනි (30) වැනිදායින් අවසන් කර තිබු අතර තවත් පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන කාලය 2024 වසරේ දෙසැම්බර් (31) වැනිදායින් අවසන් කිරීමට නියමිතව තිබුණේය.

ජනාධිපතිවරයා අලුතින් නිකුත් කර අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ හිමි ඇතැම් පිරිසකට එළඹෙන 2026 වසරේ ජූනි (30) වැනිදා දක්වාත් තවත් පිරිසකට 2025 වසරේ ජූනි (30) වැනිදා දක්වාත් එම ප්‍රතිලාභය ගෙවීමට නියමිතව ඇත.

ඒ අනුව අවදානමට ලක්වූ පවුලකට මසකට රුපියල් 5000 ක්, දුප්පත් පවුලකට රුපියල් 8500 ක්, අන්ත දිලිදු පවුලකට රැපියල් 15000 ක් ආදී වශයෙන් අස්වැසුම ප්‍රතිලාභ හිමිවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: