hit counter

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි 12, පෙ.ව. 12:14



වර්තමාන විපක්ෂය වැටී ඇති පහත් තත්ත්වය පිළිබඳව තමන් කනගාටු වන බවත්, ප්‍රතිපත්ති විරහිත ඔවුන්ගේ මෙම දේශපාලන ගමන ඉතා කෙටි එකක් වනු ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.

ඉතිහාසයේ සිටි විපක්ෂයන් යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු මත පදනම්ව දේශපාලනය කළද, වර්තමාන විපක්ෂය අතට අහුවෙන ඕනෑම දෙයකින් රජයට පහර දීමට උත්සාහ කරන අදබාල සහ කෙටි ගමනක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ඇමතිවරයා චෝදනා කරයි.

විපක්ෂය දිනපතා පතුරුවන බොරු ඉතා ඉක්මනින් සමාජය හමුවේ අනාවරණය වෙමින් පවතින බව පෙන්වා දෙන නියෝජ්‍ය ඇමතිවරයා, “අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා” යැයි ප්‍රකාශ කර සිටියි.

ස්වයං පරිහානිය විපක්ෂය මේ වන විට පත්ව ඇත්තේ ස්වයං විනාශයකට හෝ දේශපාලන පිරිහීමකට බවත්, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම අනවශ්‍ය බවත් ඔහු පවසයි.

විශේෂයෙන් ඇතැම් සිදුවීම් නීතියට අදාළ කාරණා බැවින් ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් ඔහු වැළකී සිටියේය.

මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ දේශපාලන ගමන ඉතා කෙටි කාලයකට සීමා වනු ඇති බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: