2026 ජූලි 26, පෙ.ව. 12:07
ආර්ථික වශයෙන් අඩපණ වූ සහ විනාශයට පත්ව තිබූ රටක් භාරගත් වත්මන් රජය, කිසිදු අමතර ආර්ථික පීඩනයක් ජනතාව මත පටවන්නේ නැතිව රට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2024 සැප්තැම්බර් මාසයට පෙර මෙරට ආර්ථිකය පැවතියේ ඉතා අවදානම් අඩියක බවයි.
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මෙරට ජනගහනයෙන් සියයට 11ක් පීඩාවට පත්වීම සහ මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද, රජය ඉතා ප්‍රායෝගිකව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
බොහෝ පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප්‍රකාශ කළ ද, එය හුදෙක් එක පෑන් පහරින් කළ හැකි සරල කටයුත්තක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
“නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ පනත් අහෝසි කිරීම කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. අපි පොරොන්දු වූ පරිදිම එය ඉටු කරනවා,” යැයි ඔහු පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් පසු ඇති වන නීතිමය හිඩැස පිරවීම සඳහා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු පාතාල නායකයෙකු සමඟ සිදුකළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, එවැනි සංවිධානාත්මක අපරාධ සහ දූෂිත ගනුදෙනු මැඩලීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
පසුගිය රජයන් විවිධ පොරොන්දු ලබා දුන්න ද ඒවා ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බවත්, වත්මන් රජය ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඉතා ප්‍රායෝගිකව ඉදිරියට යන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
2026 ජූලි 26, පෙ.ව. 12:33
2026 ජූලි 26, පෙ.ව. 12:30
2026 ජූලි 26, පෙ.ව. 12:26
2026 ජූලි 26, පෙ.ව. 12:21
2026 ජූලි 26, පෙ.ව. 12:15
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26