2026 ජූලි 25, පෙ.ව. 12:04
නියෝජ්‍ය ආරක්ෂ ඇමති අරුණ ජයසේකරගේ ධුරයේ නම විපක්ෂ මර්දන ඇමති ලෙස වෙනස් විය යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
“මේක ජනතාවට විශාල අමාරු කාලයක්. විශාල ආර්ථික පීඩාවලට මුහුණ දෙන කාලයක්. ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා. ආණ්ඩුව හිතුමතයේ බදු වැඩි කරනවා. ආණ්ඩුවේ යම් හොරකමක් සිද්ධ වුණොත්, ඒ හොරකමේ පාඩුව මකාගන්න ඔබට බදු ගහනවා. එහෙම නෙවෙයිද වෙන්නේ?
දැන් පහුගිය කාලේ ගෙනාවා බාල ගල්අඟුරු. බාල ගල්අඟුරු ගෙනැල්ලා, බාල ගල්අඟුරුවල පාඩුව මකාගන්න මොකක්ද කළේ? විදුලි බිල වැඩි කළා, තෙල් මිළ වැඩි කළා. වරායෙන් පැන්නුවා කන්ටේනර් 323ක්. කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා විතරක් නෙවෙයි, අද වෙනකන් ආණ්ඩුව දන්නේ නැහැ කවුද පැන්නුවේ කියලා. අද වෙනකන් දන්නේ නැහැ.
ඒ වගේම අර හැකර් කෙනෙක්ද කොහෙද පැනලා කෝටි ගාණක් අරගෙන ගියා. අපි දැක්කා පාර්ලිමේන්තුවේ කමිටුවක මුදල් අමාත්‍යාංශයේ, මහ බැංකුවේ දෙපැත්තට වෙලා කවුද පැන්නුවේ කියලා හොයනවා.
පාර්ලිමේන්තුවෙන් ඇහුවාම කවුද මේකට වගකියන්න ඕනේ? දන්නේ නැහැලු. හැබැයි මේක අයකර ගන්නේ කොහොමද? මහ ජනතාවගෙන් ගන්න ඕනේ. තමන් වගකීම් පැහැර හැරලා, තමන්ගේ ආණ්ඩුව ඇතුළේ තියෙන හොරකම වහගන්න ආණ්ඩුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආරක්ෂා කරද්දී, ඒ තමන්ගේ හොරකම නිසා වෙච්ච පාඩුව මකාගන්න ජනතාව වගකියන්න ඕන නම්, ඒ බදු බර දිනෙන් දින ජනතාව පිට පටවනවා නම්, එහෙම ආණ්ඩුවක් අපේ හාමුදුරුවනේ මොකටද?
ආණ්ඩුවේ පැවැත්මට ඕනෑම කෙනෙක් පාවලා දෙනවා, ආණ්ඩුවේ පැවැත්මට. ආණ්ඩුවේ එකම ඉලක්කය මොකක්ද? ආණ්ඩුවේ එකම ඉලක්කය බලහත්කාරයෙන් හරි කමක් නැහැ රාජ්‍ය බලය තියාගන්න එක. නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියනවා, “දැන් අපි විපක්ෂය මර්දනය කරලා ඉවරයි. තව ටිකක් මර්දනය කරන්න තියෙනවා. ඒකත් හෙට අනිද්දා මර්දනය කරනවා.” කියලා.
ආරක්ෂක ඇමතිකම තියෙන්නේ ත්‍රස්තවාදය නවත්තන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.එහෙම නැත්නම් අන්තවාදය වළක්වන්න, සංවිධානාත්මක අපරාධ වළක්වන්න. ඊයේ පෙරේදා එක දවසට වෙඩි තැබීම් දෙකක් වාර්තා වුණා.
බන්ධනාගාරය ඇතුළේ රැඳවියෝ, නිලධාරී 30 ගාණක් ජීවිත නැති වෙලා තියෙනවා. හැබැයි නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඉන්නේ ඒව නවත්තන්න නෙවෙයි, විපක්ෂය මර්දනය කරන්න. ඒක ප්‍රධාන ජොබ් එක. ඊට වඩා හොඳයි එයාට අනුර කුමාර ජනාධිපතිවරයා “විපක්ෂය මර්දනය කිරීමේ ඇමතිකම” කියලම දුන්නා නම්.
අද ආණ්ඩුව එක බොරුවක් වහගන්න තව බොරු 100ක් කියනවා. බොරු කියලා බලයට ආවා. රැවැට්ටුවා. උපාධිධාරීන් රවට්ටලා ගෙයින් ගෙට යැව්වා. මැතිවරණයෙන් පස්සේ රස්සාව ඉල්ලලා යනකොට ගහලා එළවනවා. ගමේ තරුණයා රැවට්ටුවා. දෙමාපියන්ව රැවට්ටුවා.”
නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) උඩහමුල්ල පැවති රැස්වීමක් අමතමිනි.
2026 ජූලි 25, පෙ.ව. 12:35
2026 ජූලි 25, පෙ.ව. 12:23
2026 ජූලි 25, පෙ.ව. 12:21
2026 ජූලි 25, පෙ.ව. 12:13
2026 ජූලි 25, පෙ.ව. 12:12
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26