hit counter

2026 මැයි මස 30 වන සෙනසුරාදා

2026 මැයි 31, පෙ.ව. 12:14



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිසිවකු නීතිය මගහැර සිටින බව තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ඔහු දැනට විදේශගතව සිටියද, ඔවුන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ නිසි ලෙස කරුණු දක්වමින් නියෝජනය වන බව ඔහු පෙන්වා දුන්නා.

වත්මන් රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් තමන්ට වඩා හොඳින් බැසිල් රාජපක්ෂ මහතාව හඳුනන බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්ව්මින් ඔහු සඳහන් කළේ,

“මම හිතන්නේ නෑ ඒ කිසි කෙනෙක් නීතිය මගහැරලා ඉන්නවා කියලා. හැබැයි ඒ අය රට ඉන්නවා. ඒ අයගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඔවුන්ගේ කරුණු දක්වනවා. අනිත් එක මට වඩා හොඳට අපේ බාප්පා එක්ක මේ ආණ්ඩු ඉහළ අය කතා කරනවා නිතරම. ඉතින් ඒ අයගේ උපදෙස් මත එන්නේ නැතුව ඉන්නවද කියන්න මම දන්නේ නෑ. ඒක අහන්න ඕනේ ඒ අයගෙනුයි බාප්පගෙනුයි. හැබැයි ඉතින් අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ඔහුගේ නියෝජනය සිදුවෙනවා.

මේ අයට මහින්ද රාජපක්ෂ එක්ක ප්‍රශ්නයක් තියෙනවා. අපි දකිනවනේ මැයි මාසේ වෙනකොට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂවරයෙක් අධිකරණයට එන්න වෙනවා. පොලිසිය ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. මොකද එක පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේත් මේ ආණ්ඩුව කරන්න එපැයි. හැබැයි අනිත් පැත්තෙන් මොහු මොවුන්ගේ නීතියය අමනත වීම පිළිබඳව අද සමාජය දන්නවා. දැන් ගල් අඟුරු ගෙනාපු අය, දැන් අලුතෙන් ගෙනාපු නැවත් බාලයිනේ. කන්ටේනර් 323 පන්නපු අය, කුඩු කන්ටේනර් 2, නුවරඑළිය අයිස් ෆැක්ටරිය. ආණ්ඩුවට හිතවත්, ආණ්ඩුවට අවශ්‍ය, ආණ්ඩුවට පෝෂණය කරන්න ඕන සංවිධානාත්මක අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත්, ආණ්ඩුව පෝෂණය කරන අපරාධකරුවන්ට විරුද්ධව ඉන්න අය එක්ක ආණ්ඩුව හැප්පෙනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: