2026 අප්‍රේල් 16, පෙ.ව. 12:27
මෙරට ඉතිහාසයේ සිදු වූ 88/89 භීෂණ සමය මෙන්ම මෑතකාලීන 2022 අරගලය වැනි සිදුවීම් රටක් සහ ජාතියක් ලෙස කඩා වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත්, ඒ පිළිබඳව තරුණ පරම්පරාව වගකිව යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සිදු කරන වැරදි පිළිබඳව පසුතැවෙනවා වෙනුවට ඒවා හඳුනාගෙන නිවැරදි කරගැනීම නායකත්වයේ ලක්ෂණය බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, ඕනෑම කෙනෙකුට අතපසුවීම් සිදුවිය හැකි බවත් වැදගත් වන්නේ එම අතපසුවීම් පිළිගෙන රටක් ලෙස ඉදිරියට යාම බවත් අවධාරණය කළා.
සංස්කෘතිය තුළින් උගත යුත්තේ පවතින සම්පත් හා වටිනාකම් රැකගැනීම බවත්, ඉතිහාසයේ යම් වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදිව හඳුනාගෙන පිළිගත යුතු බවත් ඔහු පවසනවා.
එමෙන්ම රටක් සහ ජාතියක් ලෙස යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තරුණ පරම්පරාව පෙරමුණ ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
කෙසේවෙතත් අතීතයේ සිදු වූ 83 කළු ජූලිය, 88/89 භීෂණය සහ 2022 අරගලය වැනි හුදෙකලා සිදුවීම් නිසා සමස්ත තරුණ පරම්පරාවම එකම මිම්මකින් මැනීම වැරදි බව ඔහු පෙන්වාදෙනවා.
එම සිදුවීම් නිසා තරුණයින් කෙරෙහි පවතින විශ්වාසය යම් දුරකට බිඳ වැටී තිබුණ ද, වත්මන් තරුණ පරම්පරාව ඉතා දක්ෂ මෙන්ම නූතන ලෝකයට ගැළපෙන පිරිසක් බව ඔහු සඳහන් කළා.
වත්මන් නායකත්වය යනු අවබෝධය සහ දුරදක්නා නුවණින් යුතුව යා යුතු ගමනක් බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, තරුණයින්ගේ දක්ෂතාවන් රටේ අභිවෘද්ධියට යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම රජයක වගකීම බව එහිදී කියා සිටියා.
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:15
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26