hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 අප්‍රේල් 05, පෙ.ව. 12:21



පසුගිය වසරේ ජූලි මාසය වෙද්දී ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් තිබූ විශ්වාසය 24% ක් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය සඳහන් කරයි.

එය මෙම වසරේ පෙබරවාරි මාසය වෙද්දී 62%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවාය.

එනිසා ජංගම දුරකථනයේ දකින සියල්ල සත්‍ය නොවන බව මහපොළොවට බැස ගෙයක් ගෙයක් ගානේ ගොස් විමසා බැලුවහොත් දැකිය හැකි බවද ඇය පැවසුවාය.

මෙවර පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: