hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:47



යම් හෙයික්න “නිපා” වෛරසය මෙරටට ඇතුළුවුවහොත් කොවිඩ් වෛරසය හා සමානවම නැවත වරක් වෛරසය අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය සැකසීමට සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, PCR රසායනාගාර හෙවත් අනුකජීවි රසායනාගාර සහ වෛරස රසායනාගාර වෙනුවෙන් අතිමහත් ප්‍රමාණයක් වියදම් කළ ද මේ වනවිට එම එකදු හෝ රසායනාගාරයක් මෙරට තුළ නිවැරදිව ස්ථානගත කිරීමට නොහැකිවී ඇති බවයි.

“මිලියන 250ක් දීලා අනුකජීවි රසායනාගාරයක් හදලා අපි Personalized medicine දක්වා යනවා කියලා ආධාර අරගෙන මුල්ලේරියාවේ හදපු අනුකජීවි රසායනාගාරය අද සම්පූර්ණයෙන්ම වහලා දාලා.. අඩුම ගානේ ගබඩාවකටවත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ.. ඊළඟට ජාතික රෝහලේ අනුකජීවි රසායනාගාරය අද වෙන කොට වැඩ නෑ වහලා නිකං දාලා තියෙනවා.. අපි දිගින් දිගටම ඉල්ලනවා කරුණාකරලා ඒක සියලු අනුකජීවී පරීක්ෂණ සඳහා යොදවන්න කියලා.. ගුවන් තොටුපළ පරිශ්‍රයේ අනුකජීවී රසායනාගාරයක් හැදුවේ ගුවන් තොටුපළින් එන යන අයව ඕන වෙලාවක පරීක්ෂාවට ලක්කරන්න.. මිනිස්සු විතරක් නෙමෙයි.. පැළෑටි එන්න පුළුවන්.. ජීවින් එන්න පුළුවන්..මේ බොහෝ දේවල් සඳහා අපි පිටරටට සල්ලි වියදම් කරමින් තමයි අපි මේ පරීක්ෂණ කරන්නේ..

ආයේ වෛරසයක් එනකොට.. ලෝකයේ වෛරසයක් පැතිරෙන කොට අපිට කතා කරන්න තියෙන්නේ අර කොවිඩ් පූර්ව සමයේ දී අපි කතා කරපු කතා ටිකම තමයි.. ඒ නිසා නීපා හෝ වේවා වෙන වෛරස් රෝගයක් හෝ වේවා ලෝකයේ තියෙන අනාගත සෞඛ්‍ය සේවාවට යනවා නම් අනුකජීවි රසායනාගාර පද්ධතිය අපි මීට වඩා හොඳින් කළමනාකරන්න අවශ්‍යයි..

අපි ප්‍රාර්ථනා කරමු “අනේ නීපා ලංකාවට එන්න එපා.. ආවොත් අපි ලොකු අමාරුවක වැටෙන්නේ..” එහෙම නැතිව එන එක වළක්වා ගන්න නම් අපි හිතන්නේ නෑ තවම අපිට ක්‍රමයක් තියෙනවා කියලා.. කවුරු හරි කියයි අපි කොරහේ කිඹුල්ලු දකිනවා කියලා.. නෑ කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි..වෛරස ලෙඩක් ඇතිවෙන්නේ කොයිවේලේද කියන එකත් පැතිරෙන්නේ කොයිවේලේද කියලත් මේ ලෝකේ කවුරුත්ම දන්නේ නෑ.. ඒකට ක්‍රමවේදය කවුරුත්ම දන්නෙත් නෑ.. මොකද වෛරසය හිටිහැටියේ අලුත්වෙලා එන වීසබීජයක්..

අපෙන් නැවත නැවත වෛරසයක් එනකොට ඔයගොල්ලෝ සුදානම්ද කියලා අහනකොට අපිට කියන්න තියෙන්නේ ආයේ මුල ඉඳන් සුදානම් වෙන්න ඕනේ කියලා.. කිසිම සුදානමක් ඉතුරු කර ගෙන නැහැ.. වෛරස කියන එක හෙට නිපා එනවා අනිද්දා සීපා එන්න පුළුවන් ඉන් අනිද්දා තව එකක් එන්න පුළුවන්.. වෛරසය අලුත්වෙමින් එනවා.. ලෝකයේ හැම තැනට වෛරසයක් එන එන ගානට සුදානම් වෙන්නේ නැහැ.. වෛරසයට ඕන වෙලාවක සුදානමින් ඉන්නේ.. කොහෙන් හරි ආවොත් Check කරන්න විදිහක්.. නෑ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: