2026 අප්‍රේල් 22, පෙ.ව. 12:21
දෙමළ ලේඛක දීපචෙල්වම්ගේ කෘති කිහිපයක් රේගුව භාරයේ රඳවා තබා ගැනීම, වත්මන් මාලිමා ආණ්ඩුව ලැබූ දැවැන්ත දේශපාලන පරාජයක් බව ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
මෙය මීට පෙර ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධ සිදුවීම හා සමාන දේශපාලන පරාජයක් බවත්, ආණ්ඩුව බලයට පත්වීමට පදනම් වූ ප්‍රධාන බලකනු දෙකකට මෙම සිදුවීම් හරහා දැඩි හානි සිදුව ඇති බවත් ඔහු අවධාරණය කරයි.
ආචාර්ය දේවසිරි පෙන්වා දෙන්නේ මාලිමා ආණ්ඩුව බලයට පත්වීම සඳහා මහජන මුදල් අවභාවිතය වැළැක්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම යන ප්‍රධාන කතිකාවන් දෙක බලපෑ බවයි.
ගල් අඟුරු සිද්ධිය හරහා දූෂණ විරෝධී ප්‍රතිරූපයට හානි වූවා සේම, දීපචෙල්වම්ගේ කෘති රඳවා තබා ගැනීම හරහා ආණ්ඩුව හුස්ම ගන්නා “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය” නමැති කුළුණ බිඳ වැටෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉදිරිපත් කරන තාක්ෂණික හා නෛතික කරුණු පිටුපස සැඟවීම සුදුසු නොවන බව ආචාර්ය දේවසිරි පවසයි.
මෙහි ඇති මූලික ගැටලුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මිස තාක්ෂණික කරුණක් නොවන බව ඔහුගේ මතයයි.
අදාළ කෘතිවල “දෙමළ අන්තවාදී අදහස්” අඩංගු බවටත්, ඒවා මගින් සංහිඳියාවට බාධා වන බවටත් නැගෙන චෝදනා ආචාර්යවරයා බැහැර කරයි. ඔහු පවසන්නේ නලින් ද සිල්වා වැනි අයගේ අදහස් ද ඇතැම් පාර්ශ්වයන්ට අන්තවාදී ලෙස පෙනිය හැකි වුවත්, එවැනි පදනම් මත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා නොකළ යුතු බවයි.
එමෙන්ම, රාජ්‍ය බලාධිකාරය මැදිහත් වී හුදු “සැකය” මත පදනම්ව කෙනෙකුගේ අදහස් පාලනය කිරීම බරපතල තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි. වර්තමාන ඩිජිටල් යුගයේ මුද්‍රිත කෘති රඳවා තබා ගැනීමෙන් කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් අත්නොවන බව ආචාර්යවරයා පවසයි.
මෙම ප්‍රශ්නය “ජාතික ආරක්ෂාව” පිළිබඳ ගැටලුවක් ලෙස හුවා දැක්වීම පසුගිය මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයන්හි දක්නට ලැබුණු ලක්ෂණයක් බවත්, වත්මන් ආණ්ඩුව ද එම උගුලේම වැටී ඇති බවත් ඔහු පවසයි. සංස්කෘතික ක්ෂේත්‍රයට අදාළ කරුණු ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාවට මාරු කිරීම ආණ්ඩුවේ දුර්වල අර්බුද කළමනාකරණය පෙන්නුම් කරන්නක් බව ඔහු විවේචනය කරයි.
ආණ්ඩුව වහාම මැදිහත් වී මෙම කෘති නිදහස් කිරීමට පියවර නොගතහොත්, එය ආණ්ඩුවේ පැවැත්මට පවා බලපාන බරපතල දේශපාලන පරාජයක් වනු ඇති බවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අනතුරු අඟවයි.
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:31
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:16
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26