hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:15



වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800ක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි සති 02 තුළ මෙරට රෝහල්වල ශල්‍යකර්ම කටයුතු අඩාල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තවදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියට අනුව මෙරට රෝහල් තුළ ශල්‍යකර්ම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 5,800ක ප්‍රමාණයක් තිබිය යුතු නමුත් වර්තමානය වනවිට එම උපකරණවලින් 3,800කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.

මෙය ඉතා බරපතළ තත්වයක් බවත් මෙය දිගින් දිගටම පැවතියහොත් ඉදිරි සති කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය දරුණු අර්බුධයකට මුහුණ දිය හැකි බවද වෛද්‍ය චමල් සංජීව මහතා තවදුරටත් අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: