hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:05



ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීමට ගත් තීන්දුව ආපසු හරවා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික වාහන සඳහා තෙල් කෝටාවක් පමණක් ලබා දීමට රජය තීන්දු කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබා දීම පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනි වීම එම තීන්දුව ආපසු හැරවීමට හේතු වී ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබා දීමට විරුද්ධ පක්ෂ දැඩි විරෝධය පළ කර අතර ඔවුන් ද එම වාහනවලට සමාන නිල වාහනයක් ඉල්ලා සිටියහ. මේ අතර නීති අංශ පෙන්වා දී තිබුණේ එලෙස මන්ත්‍රීවරුන්ට රජයේ නිල වාහන ලබා දීමට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි.

කෙසේ වුව ද ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සිය රාජකාරී සඳහා නිල වාහන ලබා දීමේ ගැටලුවක් නොමැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: