hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:07



එළැඹෙන 17 වැනිදා අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත් කර ගන්නා බවට වාර්තා වනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව එම කටයුත්ත සිදු වන බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලබන අතර අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අශෝක රංවල මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඉන්පසු ව්‍යවස්ථානුකූලව මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්, කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: