hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 10, ප.ව. 4:26



විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (E-Passport) නිකුත් කිරීම වසර 4ක් පුරා ප්‍රමාද වීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වී ඇත.

2020 දී ආරම්භ කරන ලද ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ අදාළ බලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එය කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ගිණුම් කාරක සභාව අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම, එහිදී ගුවන් තොටුපළේ රාජකාරි කාර්යක්ෂමව සිදුකිරීමට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව කාර්යක්‍ෂමව වැඩිපුර නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කර අප්‍රේල් 15 වැනිදාට පෙර එම කමිටුවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: