hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:01



රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් අද (19) රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

15වැනි වරට පැවැත්වෙන රණවිරු දිනය මැයි 19 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව රණවිරු සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සඳහන්.

හෙට සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තබනවා.

රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකියි.

එමෙන්ම ඇතුල්කෝට්ටේ මාර්ගය ඔස්සේ පිටකෝට්ටේ හංදියෙන් වමට හැරී කිඹුලාවල තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකිය.

පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහනවලට තලවතුගොඩ, පැලවත්ත, පාලම්තුන හන්දිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

තලවතුගොඩ, කිඹුලාවල, පිටකෝට්ට හංදියෙන් ඇතුල්කොට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවත් එම උත්සවය අවසන්වූ වහාම මාර්ගය විවෘත කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියා.

එමෙන්ම රාජගිරිය දෙස සිට මාලඹේ දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන පොල්දූව හන්දිය, බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන හරහා මාලඹේ දක්වාද, මාලඹේ සිට රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන තලාහේන, කොස්වත්ත, බත්තරමුල්ල, පොල්දූව හංදිය හරහා රාජගිරිය දක්වාද සාමාන්‍ය පරිදි ගමන් කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: