2026 ජූනි 01, ප.ව. 4:34
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක පවතින අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීමට සිදුවන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම්තාක් දුරට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
අද (01) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,
“මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා QR ක්‍රමය හරහා, ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ලෙස ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් කරන්න අපිට පුළුවන්කම ලැබුණත්, තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටමට මේක ඇවිල්ලා නැහැ.
දැන් මේ ලෝකය තුළ ඉන්ධන වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක සංසන්දනාත්මකව කොයි විදිහටද කියලා බැලුවොත්, ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
එතකොට මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන් අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරන්න. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදිහක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”
2026 ජූනි 01, ප.ව. 1:01
2026 ජූනි 01, පෙ.ව. 11:07
2026 ජූනි 01, පෙ.ව. 10:23
2026 ජූනි 01, පෙ.ව. 10:06
2026 ජූනි 01, පෙ.ව. 12:25
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26