hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:33



පොලීසිය විසින් නව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර ඒ විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය සම්බන්ධ සිද්ධි දැනුම් දීමට යැයි සඳහන් වෙනවා.

ඒ අනුව 076 545 3454 දුරකතන අංකය හරහා වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

ඊට අමතරව ඒ මහතා පවසන්නේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් සිවිල් ඇඳුමෙන් සැරසුණ පුද්ගලයන් පිරිසක් රථ වාහන පරික්ෂා කරන මුවාවෙන් කොල්ලකෑම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: