hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 05, ප.ව. 6:11



ප්‍රදේශ රැසකට අද (05) පස්වරුවේ හා රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා දකුණ යන පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: