hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:56



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, 163 දෙනෙකු මේ වනවිටත් ආරක්ෂාවට සිටින බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත්.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවට ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: