hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, ප.ව. 12:07



රන්ජන් රාමනායක මහතාව මෙවැනි සිරගෙදරක දී හමුවන අවසන් අවස්ථාව මෙය වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (26) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබුවා.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඊයේ (25) සමාව ඉල්ලා ඇති බව වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: