hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 3:40



ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා පැවති පාර්ලිමේන්තු මුදල් අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ, අනුව එහිදී බඳවා ගැනීමේ තරඟ විභාග වලට ඉදිරිපත් වන සියළුම අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයට සහාභගී වීමට පෙර තමන් තරඟ විභාගයේදී ලබා ගත් ලකුණු අනුපිළිවෙළ අනුව තෝරා ගැනීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම Z Score අගය ද මෙම සම්මුඛ පරීක්ෂණ වලදී අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසූ අතර එමඟින් වඩාත් විනිවිද භාවයෙන් යුත් බඳවා ගැනීම් සිදුකර ගැනීමටත්, බඳවා ගැනීම් සඳහා කරන බලපෑම් අවම කරගැනීමටත් හැකියාව ලැබෙන බවටත් අවධාරණය කරනු ලැබුවා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: