2024 ජූනි 16, පෙ.ව. 12:06
            
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වැටලීමට ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කර ඇත.
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එම සහල් රැගෙන ආ අවස්ථාවේදී එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් ඉල්ලිමක් කර ඇත.
ඒ අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුළුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදුකළ පරික්ෂණයේදි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර එම සහල් කොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදාහැර ඇති අතර නැවත නඩු විභාගය අගෝස්තු මස (02) දින කැඳවීමට අධිකරණය නියම කර ඇත.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25