2024 නොවැම්බර් 12, පෙ.ව. 12:02
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජාතික සහල් තොග සම්බන්ධයෙන් සකස් කරන ලද නවතම වාර්තාවට අනුව රට තුළ ප්‍රමාණවත් තරම් ‘නාඩු’ සහල් තොග පවතින බව වෙළඳ අමාත්‍යාංශය සහතික කරයි.
දේශීය වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් ඇති කරමින් මිල ඉහළ දැමීමට කටයුතු කරන බවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම් එම් නයිමුදීන් සහල් මෝල් හිමියන්ට චෝදනා කළ අතර, එම ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගන්නා බවට ද පොරොන්දු වී තිබේ.
මේ අතර වෙළඳපොළේ පවතින ඇතැම් සහල්වල හිඟය සහ ඉහළ මිල හේතුවෙන් සහල් අලෙවිය 50%කින් පමණ පහත වැටී ඇති බව මරදගහමුල සහල් වෙළෙන්දන්ගේ සංගමය පවසයි.
පසුගිය සති කිහිපය තුළ වෙළඳපොළේ සහල් මිල රජයේ පාලන මිල ඉක්මවා ගොස් තිබූ අතර, නාඩු සහල් හිඟයක් ද වාර්තා විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 24 වැනි දින ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සමඟ රැස්වීමක් කැඳවා පාලන මිලට අනුගත වන ලෙස ඔවුන්ට උපදෙස් දුන් අතර ඊට ඔවුන් එකඟ වී තිබිණි.
ඉන් අනතුරුව, රටේ වී සහ සහල් තොග මට්ටම් පිළිබඳ දත්ත කඩිනමින් ලබා දෙන ලෙස නොවැම්බර් 06 වැනි දින ජනාධිපතිවරයා කළ නියෝගයට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
කෙසේවෙතත්, ඇතැම් සහල් වර්ගවල හිඟයක් වෙළඳපොළේ පවතින බවත්, පවතින තොග බොහෝ විට රජයේ පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් සඳහන් කර තිබේ.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 10:53
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24