hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 17, පෙ.ව. 12:06



සමගි ජන බලවේගයට නව නායකත්වයක් අවශ්‍ය වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ සමගියද රැකගෙන පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පුරවැසියා බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළක් ලෙස ප්‍රතිනිර්මාණය විය යුතු බවද හෙතෙම පැවසුවේය.

ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ වැඩපිළිවෙක වෙනස් වීම පක්ෂය තුළ අත්‍යවශ්‍යම සිදුවීමත් බවත් හෙතෙම කියා සිටියේ මාධ්‍ය හමුවක අමතමිනි.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාම සඳහා තම පක්ෂයේ වැඩපිළිවෙල ඒ සඳහා හැකියාව දැනුම දැක්ම ඇති නව නායකත්වයක් වෙත පැවරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ මහතා එහිදී  පැවසුවේය ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: