hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 28, ප.ව. 2:04



අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේශපාලන දිවිය තුළ හමුවන ආන්දෝලනාත්මක සිද්ධි ගණනාවකි.

එවැනි අවස්ථා බොහොමයක් සමාජයේ දැඩි විවේචනයට ද ලක් වුණා.

මේ ඔහුගේ දේශපාලන දිවියේ ආන්දෝලනයට තුඩු දුන් අවස්ථා කිහිපයක් පිළිබඳව කෙරෙන ආපසු හැරී බැලීමක්.

ඉන් වඩා ත් කැපී පෙනුණු සිදුවීම වූයේ ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සමග මීගමුව කඩොලාන කලාපය සම්බන්ධයෙන් මීට වසර 3කට පමණ පෙර ඇති වූ සංවාදය යි.

ඊට අමතරව 2019 වසරේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ මංගල උත්සවයට විදුලිය සැපයීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26කට අධික බිල 2023 වසරේ ඔක්තෝබර් මස 2 වන දා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ගෙවනු ලැබීම ද සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.

තව ද 2022 වසරේ මැයි මස 9 වන දින ‘ගෝඨාගෝගම’ සහ ‘මයිනාගෝගම’ අරගල භූමි වෙත පහර දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එමෙන් ම, ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කළ බව කියන චෝදනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

ඊට අමතරව 2022 වසරේ මැයි මාසයේ අරගල සමයේදී හලාවත පිහිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ද ගිනි තබා විනාශ කෙරිණි.

පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ ගම්මානයක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වූ සාකච්ජාවකට සහභාගී වීමට ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ගම්වාසීන් විරෝධය පළ කළ බවට සිදුවීමක් වාර්තා වුණු අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූයේ මෙවැනි අදහසකි.

මේ අතර, 2020 වසරේදී මැතිවරණ නීති උල්ලංගණය කරමින් පුත්තලම ප්‍රදේශයේ යතුරුපැදි පෙළපාලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: