hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 28, ප.ව. 4:00



කොළඹ – කටුනායක අධිවේගී මාර්ග රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

ඒ, රාජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී.

අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය උත්සවය මීට මොහොතකට පෙර ආරම්භ වුණා.

මේ මොහොතේ දී එම අවසන් කටයුතු වලට අදාළ ආගමික චාරිත්‍ර සිදුවෙමින් පවතිනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවමංගල උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශෝක ප්‍රකාශයක් එවා තිබෙනවා.

එය අවමංගල සභාව ඉදිරිපත් කළේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා විසින්.

එම ශෝක පණිවුඩයේ සඳහන් වුණේ රාජපක්ෂ පවුල වෙනුවෙන් සනත් නිශාන්ත නොකරපු දෙයක් නැති බවත් රාජපක්ෂ පවුලේ වගකීම දරු තිදෙනා සහ චමරි රැක බලා ගැනීම බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: