hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 8:04



අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධව සැක සහිත බවත් එම සැක සහිත තැන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට චමරි ප්‍රියංකා පැමිණිලි කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එම පැමිණිල්ල සිදුකර ඇත.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා ඊයේ (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය ජනවාරි (25) කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා මිය ගියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: