hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:01



මනම්පිටිය පාරම්පරික වැලි මංකඩ හිමියන් සහ වැලි කම්කරුවන් පිරිසක් පෙරේදා (09) දහවල් විරෝධතාවයක නිරත වුණා.

ඒ ටෙන්ඩර් ක්‍රමය වහාම හකුළා ගන්නා ලෙස බලකරමිනි.

පොළොන්නරුව, මනම්පිටිය මහවැලි ගඟේ ජල පොම්පාගාරය පිහිටි ප්‍රදේශයෙන් දෙවන අදියර යටතේ ටෙන්ඩර් ක්‍රමයක් මඟින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ දේශපාලන ආධාරකරුවන් පිරිසකට වැලි මංකඩ ලබා දීම සඳහා පරීක්ෂණයට පැමිණි නිලධාරීන්ට යෑමට ඉඩ නොදී වාහනවල රෝදවලට ගෙල තබාගෙන, බිම වාඩි වී මෙම විරෝධතාවය සිදු කර තිබෙනවා.

මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමෙන් පවුල් 15,000ක පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ජීවිකාව සලසා ගන්නා බවත් මෙම ටෙන්ඩර් ක්‍රමය මඟින් තමන්ගේ රැකියා අවස්ථා පවා අහිමි වනු ඇති බවත් විරෝධතාකරුවන් සඳහන් කළා.

මෙම පරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, පරිසරවේදීන් ඇතුළු මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන පෞද්ගලික සමාගමක නිලධාරීන් පිරිසක් පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: