hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 10, පෙ.ව. 12:06



පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එය මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇති අතර ඉන් ජනතාවට තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමට සිදුව තිබුණා.

මේ අතර, පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි.

එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බවද එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.

මේ අතර Public Finance.lk වෙබ් අඩවිය පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

බොහෝ භාණ්ඩ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලට යටත් වුවත් සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බව එම වෙඩි අඩවිය පෙන්වා දෙනවා.

ඒ අනුව සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47.1% ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: