2026 මැයි 18, පෙ.ව. 12:11
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිටුපස විශාල අභිරහසක් පවතින බවත්, එහි සෘජු ප්‍රතිලාභ හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
මෙම සිදුවීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සමාන බවත්, එදා පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ රාජපක්ෂවරුන් වෙත ගලා ගියා සේම, මෙම මරණය හරහා ද අදාළ මිලියන හැටේ මුදලට අමතරව විශාලම වාසිය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බව ඔහු සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතාගේ අතීත හැසිරීම්, ඔහුගේ චරිතය සහ මින් පෙර සිදුකර ඇති ක්‍රියා දෙස බැලීමේදී, මෙවැනි ක්‍රියා ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූයේද යන්න පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද ෆොන්සේකා මහතා කියා සිටියා.
යුද සමය පිළිබඳව අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, එදා යුද පිටියේ කිසිදු ස්ථානයක මහින්ද රාජපක්ෂ මහතා සිටිනු තමන් දැක නොමැති බවත්, ඔහු අවම වශයෙන් කෝප්‍රල්වරයෙකු ලෙස වත් හමුදාවේ සේවය කර නොමැති බවයි.
රටක් බේරා ගැනීමට නම් යුද ඇඳුම් ඇඟලාගෙන සැබෑ හමුදා නියෝජිතයෙකු ලෙස පෙරමුණට යා යුතු බවත්, කොළඹට වී කෑගැසීමෙන් රට බේරාගත නොහැකි බවත් පැවසූ ඒ මහතා, රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දිය යුතු බව අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“මම යුද පිටියේ මහින්ද රාජපක්ෂ ඉන්නවා දැක්කේ නෑනේ ඒ කාලේ. කෝප්‍රල් කෙනෙක් වෙලා වත් හිටියේ නෑ අපි දන්න තරමින්. රට බේරගන්න නම් ඉතින් ඒ වෙලා යන්න එපැයි යුද ඇඳුමක් ඇඳගෙන හමුදා නියෝජිතයෙක් හරියට ඉදිරියට යන්න ඕනේ. නැතුව කොළඹ ඉදලා කෑ ගැහුවට කොහොමද රට බේරගත්තා කියන්නේ? ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දෙන්න ඕනේ. රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බාගත්ත දූෂිත චරිත. අරක්කුවලිනුයි, පගාවලිනුයි, අල්ලස්වලින් පෝෂණය වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ මර්දනය කරන එක ඉතා සුළු වැඩක්. තනතුර මට ලැබුණොත් රාජපක්ෂ පවුල මේ රටේ ඉන්නෙත් නැහැ.”
2026 මැයි 18, පෙ.ව. 11:42
2026 මැයි 18, පෙ.ව. 11:07
2026 මැයි 18, පෙ.ව. 11:04
2026 මැයි 18, පෙ.ව. 10:57
2026 මැයි 18, පෙ.ව. 10:50
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26