hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 10:29



ගෝල්ෆේස් අරගලය තුළ පක්ෂ වලින් මෙහෙයවන පිරිසක්ද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

පාර්ලිමේන්තු යන්න බලාගෙන සිටින පිරිසකුත් අරගල භූමියේ සිටින බවත් නිර්පාක්ෂික අරගලයට සර්ව පාක්ෂික අරගලය යැයි ප්‍රකාශ කිරීම වැරදි බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ෆොන්සේකා අරගලයේ සිටි පිරිසක් ගැන හෙළිදරව්වක්ද සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ අරගලයේ සිටින ඇතැම් පිරිසක් සමගි ජන බලවේගයෙන් මුදල් ඉල්ලා සි‌ටින බවත් එම පුද්ගලයින් කවුරුන්ද යන්න හෙළි කිරීම සුදුසු නොවන බවත්ය.

එලෙස පක්ෂයෙන් මුදල් ලබා දුන්නාදැයි තමා නොදන්නා බවත් නමුත් මුදල් ඉල්ලූ බවට තමන් දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: