hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 18, පෙ.ව. 12:03



පාසල් සිසුන්ගේ ආරක්ෂාව සදහා නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් නොසලකාහැර එළිමහනේ ක්‍රියාකාරකම් වලට සිසුන් යොදවන විදුහල්පතිවරුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත

අධික උණුසුම් කාලගුණික තත්ත්වය මත සියලුම පාසල්, පිරිවෙන්වල දෛනික කටයුතු, එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව අවස්ථා දෙකකදී ලබාදුන් උපදෙස් විදුහල්පතිවරුන් නොසලකාහැර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

සෞඛ්‍ය උපදෙස් නොතකා පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන විදුහල්පතිවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස මවුපියන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව සොයාබලා පාසල් සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසට රටේ විවිධ පාර්ශව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.

මේ දිනවල දහවල් කාලයේදී පාසල්වල ක්‍රීඩා කටයුතු සිදුවන ආකාරය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් පරීක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල විජේවර්ධන සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: