hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 27, ප.ව. 3:24



පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වන බවයි එම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි මෙහි ප්‍රධාන අරමුණ වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: