hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 28, පෙ.ව. 10:20



දිවයින පුරා පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ අන්තර්ජාල පහසුකම් ලබාදීම පිළිබඳව ජනධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කරයි.

Starlink වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා ලංකාවේ අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකිවන බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කරයි.

එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රැකුලක් වන බවත් ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයට විශාල දායකත්වයක් බවද සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: